BPL තරඟයේ මාලිංග – තිසර මුණ ගැසුණු ඕවරය මෙන්න!

බංගලාදේශ ප්‍රිමිය ලීග් තරඟාවලියේ 20වන තරඟය ලෙස අද තිසර පෙරේරා ක්‍රීඩා කරන කැමිලා වික්ටෝරියන් සහ ලසිත් මාලිංග ක්‍රීඩා කරන කුල්නා ටයිටන්ස් කණ්ඩායම් තරඟ වදිනවා.

කාසියේ වාසිය දිනු වික්ටෝරියන් කණ්ඩායම පන්දු යැවීමට තීරණය කළා. කුල්නා ටයිටන්ස්  කණ්ඩායම ඕවර 20 අවසානයේ ලකුණු 181/7ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල වික්ටෝරියන් කණ්ඩායමේ ආරම්භක සම්බන්දතාව ලකුණු 115ක්. මෙම දැවැන්ත සම්බන්ධතාව බිඳ දැම්මේ ලසිත් මාලිංගයි. අනෙක් සියලු පන්දු යවන්නන් ඉහල ලකුණු කර ගියද මාලිංග ඉතා හොඳින් පන්දු යැවූ ආකාරයක් දැක ගත හැකි වුනා.

තිසර පෙරේරා අවසානයේ දැවැන්ත හයේ පහරක් සමගින් වික්ටෝරියන් කණ්ඩායමට ජය ගෙන ආවා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here