විනිසුරු තීරණයක් නිසා බංගලි – කොදෙව් තරඟය උණුසුම් වෙයි.

බංගලාදේශය සහ බ.ඉ. කොදෙව්වන් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟාවලියේ 3න වන සහ අවසන් තරඟය සුළු මොහොතකට පෙර අවසබ් වුයේ උණුසුම් තත්වයක්ද හට ගැනීමෙන් පසු වයි.

මෙම තරඟයට පෙර කණ්ඩායම් දෙක 1-1 ක් ලෙස තරඟාවලියේ සම තත්වයේ සිටි බැවින් මෙහි ජය දෙපිලටම වැදගත් වුනා.

ජයග්‍රහණය සඳහා ලකුණු 191ක ඉලක්කයක් හඹා යමින් සිටි බංගලාදේශ ඉනිමේ ඕවර 3.5 පන්දුව ඔෂේන් තෝමස් විසින් යැවීමත් සමගයි මේ ගැටලුව ඇති වුයේ. එම පන්දුව උඩ පන්දුවක් ලෙස කොදෙව් ක්‍රීඩකයන් රැක ගත් අතර  විනිසුරු එය නිපන්දුවක් ලෙස තීරණය කරා.

කෙසේ වෙතත් පුනරූපනවලින් දැක් වුණේ එම පන්දුව නිපන්දුවක් නොව නීත්‍යානුකූල පන්දුවක් බවයි. මේ අවස්ථාවේ කොදෙව් නායක කාර්ලස් බ‍්‍රැත්වෙයිට් හා විනිසුරු අතර උණුසුම් තත්ත්වයක් ඇති වුවා.

පසුව කොදෙව් නායක කාර්ලස් බ‍්‍රැත්වෙයිට් විමසීමේ ක‍්‍රමවේදය(Review) ඉල්ලා සිටි අතර ඒ සඳහා ඉඩ ලැබුනේ නැහැ.

මේ ගැටලූව විසදීම සදහා අවසානයේ දී තරග තීරක ජෙෆ් ක්‍රෝට ද මැදිහත් වීමට සිදු වුණා. මේ හේතුවෙන් තර්නගය විනාඩි 10ක් පමණ නතර කිරීමට ද සිදුවුවා.

කෙසේ වෙතත් අවසානයේදී තීරණය කෙරුනේ පිටියේ විනිසුරු දුන් තීරණය වෙනස් කල නොහැකි බවටයි. ඒ අනුව කොදෙව් පිලේ දැඩි විරෝධය මැද එය නිපන්දුවක් ලෙසම පවත්වා ගෙන තරඟය ඉදිරියට ගෙන යාමට තීරණය කෙරුනා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here