විනිසුරුවන් සමග පැටලී ශකීබ් අයෙත් ඇන ගනී! දුන්න දඬුවම මෙන්න

පසු ගිය සඳුදා (17) බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුර දී ක්‍රීඩක විනය නීති මාලවේ සඳහන් පළමු මට්ටමේ ආචාර ධර්මයන් කඩ කිරීමේ වරදට බංග්ලාදේශ නායක ශකීබ් අල් හසන් හසු වුවා. ඒ අනුව ඔහුට තරග මුදලින් සියයට 15ක දඩ මුදලක් සහ එක් අප්‍රසාද ලකුණක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

මෙලෙස දඬුවම් ලැබීමට ඔහුට සිදු වුයේ එම තරඟයේ බංග්ලාදේශ ඉනිමේ 14 වැනි පන්දුවාරය අතරවාරයේ යැවූ පන්දුවක්, වයිඩ් පන්දුවක් ලෙස  විනිසුරු විසින් සංඥා නොකිරීමෙන් අනතුරුව එම තීරණය විවේචනය කරමින් විනිසුරු සමඟ වාදයකට පැටලීමට යාම හේතුවෙනි.

මෙම වසර තුල දී විනය කඩකිරීම් සහ ආචාරධර්ම පද්ධතීන් වලට පටහැනි වන අයුරින් ෂකිබ්  කටයුතු කිරීම නිසා බැට කෑ දෙවන අවස්ථාව මෙය වන අතර මෙම සිදුවීමත් සමඟ මේ වන විට අප්‍රසාද ලකුණු දෙකක් ඔහුගේ ගිණුමට බැර වී ඇත.

කෙසේ වුව ද තරග අවසානයේ දී සිදු කළ විමර්ශනයෙන් පසු ඔහු තමා විසින් සිදු කළ වරද පිළිගන්නා බවත්, තරග විනිසුරු ලෙස කටයුතු කළ ජෙෆ් ක්‍රෝ මහතා විසින් යෝජනා කළ දඩුවම් සියල්ල පිළිගන්නා නිසා ලබා දුන් තීරණයට අභියෝග කරමින් තවදුරටත් ඉදිරි විමර්ශනයක් සිදු කිරීම අනවශ්‍ය බව තීන්දු කෙරිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here