මාලිංග ප්‍රහාරයට ලක්වෙද්දී දසුන්ගෙන් වේගවත් ඉණිමක්!

BPL තරඟාවලියේ 22වන තරඟය අද පැවැත්වෙනවා. ඒ මාලිංග ක්‍රීඩා කරන කුල්නා ටයිටන් කණ්ඩායම හා දසුන් ශානක ක්‍රීඩා කරන චිටගොන් විකින්ග් කණ්ඩායම් අතරයි.

මහේල පුහුණුකරිත්වය දරන ටයිටන් කණ්ඩායම කාසියේ වාසිය ලබා පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව චිටගොන් කණ්ඩයම පන්දුවට පහර දෙමින් අගනා ආරම්භයක් ලබා ගත්තා.

පෙර තරඟයේදී හොදින් පන්දු යැවූ ලසිත් මාලිංගට මෙම තරඟයේදී වැඩි දක්ෂතා දැක්වීමට හැකි වුයේ නැහැ. 4  අවසන් වුයේ ලකුණු 44/0ක් ලබා දෙමින්.

චිටගොන් කණ්ඩයම ලකුණු 200 සීමාව කරා ගෙන යමින් දසුන් ශානක වේගවත් ලකුණු 42ක් ලබා ගත්තේ පන්දු 17ක් පමණක් වැය කරමින්. ඊට 6යේ පහර 4ක් සහ 4රේ පහර 3ක් ඇතුලත් වුනා. චිටගොන් ලකුණු පුවරුව අවසානයේ දැක්වුයේ ලකුණු 214/4ක් ලෙසිනි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here