බුම්රා ඇතුළු ඉන්දියානුවන් ඕස්ට්‍රේලියානු ඉනිම වැනසූ හැටි!

ඉන්දියා – ඔස්ට්‍රේලිය තුන්වන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අදයි. ඉන්දියාව පළමු ඉනිමට ලකුණු 443/7 ක් ලබා ගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

ඉන්දියාව වෙනුවෙන් පුජාර ලකුණු 106, විරාට් කෝලි ලකුණු 82ක් , අග්‍රවල් ලකුණු 76 ක් සහ රෝහිත් ශර්ම නොදැවී ලකුණු 63ක් රැස් කළා.

පිළිතරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි ඕස්ට්‍රේලියානුවන්ට රිසි සී පන්දුවට පහර දීමට බුම්රාහ් ඇතුළු ඉන්දීය කණ්ඩායම අවස්ථාව ලබා දුන්නේ නෑ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ කිසිවෙකුටත් ලකුණු 25 පසු කර යාමට හැකි වුයේ නැහැ. අගනා පන්දු යැවීමක නිරත වූ බුම්රාහ් 6/33 ක් දවා ගත්තා.

ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිමට රස කලේ ලකුණු 151ක් පමණයි.

සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන ඉන්දියාව තෙවන දිනය අවසානයේ 54/5 ක්  ලබා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here