තරංගගේ ඉණිම පෙරේරා අවසන් කරද්දී BPL කුසලානය වික්ටෝරියන් පිලට!

2019 BPL තරඟාවලියේ අවසන් මහා තරඟය අද(8) පැවැත්වුනා. මේ සදහා සුදුසුකම් ලැබුවේ තිසර පෙරේරා ක්‍රීඩා කරන වික්ටෝරියන් කණ්ඩායම සහ තරංග නියෝජනය කරන ඩකා කණ්ඩායමයි.

කාසියේ වාසිය ලබා ඩකා කණ්ඩායම වික්ටෝරියන් පිලට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ අනුව වික්ටෝරියන් පිල ඕවර 20 අවසානයේ ලකුණු 199/3ක් රැස් කළා.

අගනා ඉනිමක් ක්‍රීඩා කල ටමීම් ඉක්බාල් නොදැවී ලකුණු 141 ක් රැස් කලේ පන්දු 61කින්. ඊට හයේ පහර 11ක් හා 4රේ පහර 10ක් අතුලත් වුනා.

ලකුණු 200ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පැමිණි ඩකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ල ලෙස නරායන් ලකුණු නොලබාම දැවී ගියා.

ඉන්පසු එක්වූ රොනී හා උපුල් තරංග දෙවන කඩුල්ල අගනා ලකුණු 101ක් එක කළා. තරංග  ලකුණු 48(27) ක් ලබා ගෙන තිබියදී තිසර පෙරේරාගේ පන්දුවකට දැවී ගියා. ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් ඇතුලත් වුනා.

ලකුණු 66කට රොනී ද දැවී යාමෙන් පසු ඩකා පිලට ජයග්‍රහණය ගිලිහී ගියා. තිසර පෙරේරා අවශ්‍යම මොහොතේ කඩුලු 2ක් දවා ගත්තා.

අවසානයේ ඩකා පිලට ඕවර 20 දී ලබා ගත හැකි වුයේ ලකුණු 182/9ක් පමණයි. ඒ අනුව වික්ටෝරියන් පිලට ලකුණු 17ක ජයක් හිමි වුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here