කෝලිව දවා ගැනීමේ අරමුණින් සිටින ලෝකෙම අවධානය දිනූ පුංචි ආරචි!

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟ හටහ්රකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ තුන්වන තරඟය ලබන 26 පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟය විශේෂ තරඟයක් වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය විදහා දක්වන විශේෂ ක්‍රියාවක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සිදු කිරීම නිසායි.

ඉන්දියාව සමග මෙම තරඟයේදී ඕස්ට්‍රේලියව වෙනුවෙන් වයස අවු.7ක කොලු පැටියෙක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සම නායකයෙකු ලෙසින්.

ආරචි ස්චිලර් මෙම කුඩා ක්‍රීඩකයා උපතේ සිටම හදවත් රෝගයකින් පෙළෙනවා. මාස 3ක සිට සැත්කම් කිහිපයකටම මුහුණ දුන් ආරචි ඉදිරියේදීද තීරණාත්මක සැත්කමකට මුහුණ දීමට නියමිතයි. නමුත් එම සැත්කම සාර්ථක වීම පිළිඹඳ ඔහුගේ වයිද්යවරයන්ට වැඩි විශ්වාසයක් නැහැ.

ක්‍රිකට් ක්‍රීඩාවට දැඩි කැමැත්තක් දක්වන ආරචිගේ ආශාව දිනක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරීමයි. ඔහුගේ රෝගී තත්ත්වය එම සිහිනය ලගා කර ගැනීමට බාධාවක් වන බැවින් ඕස්ට්‍රේලියානු  ක්‍රිකට් කණ්ඩායම ඔහුට එම අවස්ථාව ලබා දීමට තීරණය කර ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාව මහත්වරුන්ගේ ක්‍රීඩාව බවට යලි පෙන්න දෙමින්.

Archie Schiller

ඒ  අනුව එළෙඹෙන තරඟයේදී මෙල්බන් ක්‍රීඩා පිටියේ තමාද ක්‍රීඩා කරන බව දැනගත් ආරචි දැඩි සතුටට පත්ව ඇති අතර ඔහු අනිවාර්යෙන්ම විරාට් කොලිගේ කඩුල්ල දවා ගන්නා බව පවසා තිබේ.

පා දඟ පන්දු යවන්නෙකු ලෙස තරඟයට එක්වන පුංචි ආරචි ක්‍රීඩා කරනවා බලන්න ලෝකේ පුරාම ක්‍රීඩා ලෝලියෝ ඉමහත් සතුටකින් බලාගෙන ඉන්නවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here