උපුල් තරංගගේ අර්ධ ශතකයත් සමග ඩකා පිල අවසන් පුරවා වටයට!

උපුල් තරංග ක්‍රීඩා කරන ඩකා කණ්ඩායම සහ දසුන් ශානක ක්‍රීඩා කරන චිටගොන් කණ්ඩායම් අතර තරඟය ඊයේ පැවැත්වුනා.

පළමුව පන්දුවට පහර දුන් චිටගොන් කණ්ඩායමට ඕවර 20 අවසානයේ ලබා ගත හැකි වුයේ ලකුණු 135-8ක් පමණයි.

අගනා පන්දු යැවීමක නිරත වෙමින් සුනිල් නරායන් කඩුලු 4/15 ක් බිඳ හෙලුවා. දසුන් ශානක රැස් කලේ ලකුණු 7ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට ඩකා පිලේ ආරම්භක පිතිකරුවන් ලෙස පැමිණියේ  උපුල් තරංග සහ සුනිල් නාරායන්ය.  පළමු කඩුල්ල ලෙස පන්දු 16කින් ලකුණු 31 ක් රැස් කල නරායන් දැවී ගියා.

උපුල් තරංග ලකුණු 51 ක් රස කරමින් තරඟය තම කණ්ඩායම දෙසට හැරවූවා. ඒ අනුව ඕවර 16.4 දී ඩකා කණ්ඩායම 136-4 ක් ලබා තරඟය ජය ගත්තා.

මේ ජයත් සමග ඔවුන් ලබන 6වනදා රන්ග්පුර් කණ්ඩායම සමග අවසන් පුර්ව තරඟයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here