ඉසුරු උදානගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කිංග්ස් කණ්ඩායමට ජය!

BPL තරඟාවලියේ 8වන තරඟය අද ඉසුරු උදාන ක්‍රීඩා කරන රාජ්ශාහි කිංග්ස් කණ්ඩායම  සහ කුල්නා ටයිටන්ස්  කණ්ඩායම  අතර පැවැත්වුනා.

පළමුව පන්දුවට පහරදුන් කුල්නා ටයිටන්ස් කණ්ඩායමට ලබා ගත හැකි වුයේ ලකුණු 117ක් පමණයි. ඉසුරු උදාන යැවූ පන්දු හමුවේ කුල්නා ටයිටන්ස් ක්‍රීඩකයන්ට නිසි සේ ක්‍රීඩා කිරීමට හැකි වුයේ නෑ.

ඉසුරු උදාන යැවූ ඕවර 4තුල ඔහු කඩුලු තුනක් දවා ගනු ලැබුවේ ලකුණු 15ක් පමණක් ලබා දෙමින්. ඉසුරු උදාන තරඟයේ වීරයා ලෙස ද සම්මාන ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි රාජ්ශාහි කිංග්ස් කණ්ඩායම පහසුවෙන් මෙම ලකුණු හඹා ගියා. නායක මෙහෙදි හසාන් ලකුණු 51(45) සහ මොමිනුල් හක් 44(43) ක් ලබා ගනු ලැබුවා. ඕවර 18.5 දී ලකුණු 118/3 ක් ලබා මොවුන් තරඟය ජය ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here