ශ්‍රී ලංකා එක්දින සංචිතයට සුරංග ලක්මාල් කැඳවයි.

වර්ථමාන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ මාලිංග හැරුණුවිට වේග පන්දු නිසි ලෙස යැවීමට ක්‍රීඩකයෙකු නොමැති තරම්ය.

කෙසේවෙතත් ජාතික තේරිම් කමීටු සභාපති අසන්ත ද මෙල් මහතා සඳහන් කර සිටියේ  ටෙස්ට් තරඟ වලට මෙන්ම එක්දින තරඟ වලටද සුරංග ලක්මාල් තොර ගැනීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව එළඹෙන පෙබ. 13 වනදායින් ආරම්භ වන ද. අප්‍රිකානු සංචාරයේදී එක්දින තරඟ වලට සුරංග ලක්මාල් බෝහෝ විට ක්‍රීඩා කරනු ඇතී.

පවතී එංගලන්ත තරඟාවලියේදී ලක්මාල් හොදින් පන්දු යැවූ බව ද මෙල් මහතා වැඩි දුරටත් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here