cricbuzz වසරේ ටෙස්ට් කණ්ඩායාමේ ආරම්භක පිතිකරු ලංකාවෙන්!

ක්‍රිකට් තොරතුරු ගෙන එමේ ජාත්‍යන්තර ආයතනයක් වන cricbuzz වෙබ් අඩවිය මගින් සිය වසරේ එක්දින හා ටෙස්ට් කණ්ඩායම් නම් කර තිබෙනවා.

එක්දින මෙන්ම ටෙස්ට් කණ්ඩායමේද ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුට අවස්ථාව උදා වී තිබෙනවා. එක්දින කණ්ඩායම සඳහා >> ජනප්‍රිය cricbuzz ආයතනය නම් කල වසරේ එක්දින කණ්ඩායමේ ශ්‍රී ලංකාවේ නියෝජනය මෙන්න! << කියවන්න.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම කණ්ඩායමේ වරම් ලබා ඇති එකම ක්‍රීඩකයා දිමුත් කරුණාරත්නයි. ඔහු නවසීලන්ත ක්‍රීඩක ටොම් ලේතම් සමග ආරම්භක පිත්කරු ලෙස නම් කර තිබෙනවා.

ඔවුන් පවසන්නේ ගෙවුන වසර ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සුභ නොවූ බවත් දිමුත් කරුණාරත්න බොහෝ අවස්ථාවල කණ්ඩාය ඉදිරියට ගෙන ගිය බවයි. ද.අප්‍රිකාව සමග ගාල්ලේ පැවතී ටෙස්ට් තරඟයේ රැස් කල ලකුණු 158 ද මෙහිදී ඇගයීමට ලක්ව තිබෙනවා.

සම්පුර්ණ කණ්ඩායම

01. ටොම් ලේතම්

02. දිමුත් කරුණාරත්න 

03. කේන් විලියම්සන්

04. විරාට් කෝලි

05. ඒ.බී. ද විලියර්ස්

06. ජෝස් බට්ලර්

07. ජේසන් හෝල්ඩර්

08. පැට් කමින්ස්

09. නේතන් ලියොන්

10. මොහොමඩ් අබ්බාස්

11. ජස්ප්රිට් බුම්රාහ්

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here