හෙන්රි – ලේතම් ශ්‍රී ලංකාවට අනුකම්පා විරහිතව එල්ල කල ප්‍රහාරය!

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද නිමවුයේ ශ්‍රී ලංකවට දැවැන්ත ඉලක්කයක් ලබා දෙමින්.

දෙවන දිනය ඊයේ නිමා වුයේ නවසීලන්ත් ලකුණු පුවරුව 231/2ක්ව තිබියදීයි.  තෙවන දිනයේ ඔවුන් කඩුලු දෙකක් පමණක් වැය කරමින් ලකුණු 354ක් ලබා ගනු ලැබුවා.

ටොම් ලේතම් නැවතත් අනුකම්පා විරහිත වෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර දුන්න. ඖ මෙම තරඟයේදී ලකුණු 176ක් ලබා ගත්තා.

රෝස් ටේලර් ලකුණු 40කට දැවී ගියා. ටොම් ලේතම්ගෙන් පසුව ශ්‍රී ලංකවට නැවතත් හිසරදයක් වෙමින් හෙන්රි නිකලස් තම පිත්ත ක්‍රියාත්මක කලේ කොලින් සමග එක්වෙමින්.

හෙන්රි නිකලස් නොදැවී ලකුණු 162ක් ලබා ගත්ත. කොලින් නොදැවී ලකුණු 71 යි.

ඒ අනුව නවසීලන්ත ඉනිම 585/4 ක් වන විට සිය ඉනිම ඇත හිටුවීමට නාසීලන්තය තීරණය කළා. ඒ ශ්‍රී ලංකවට ජයග්‍රහණය සඳහා දැවැන්ත ලකුණු 659ක් ලබා දෙමින්.

 

මෙම දැවැන්ත ඉනිම හඹා යාමට පැමිණි ශ්‍රී ලංකාවේ පළමු කඩුලු 2 ලකුණු 9ට බිඳ වැටුනා. දෙවන දිනය නිමා වුයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව 24/2ක් ලෙස සටහන් කරමින්. එනම් තවත් ලකුණු 636ක් පිටු පසින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here