ශ්‍රී ලංකාවේ මුල් කඩුලු තුන බිඳ වටේ!

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟය අද ආරම්භ වුනා. මෙම තරඟයේ කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ආරම්භය එතරම් සාර්ථක වුනේ නැහැ. ශ්‍රී ලංකා පළමු කඩුල්ලේ සම්බන්දතාව ලකුණු 26ට සිමා කරමින් තිරිමාන්න ලකුණු 12කට දැවී ගියා.

ඉන්පසු පැමිණි චන්දිමාල් ද ලකුණු 5කට දැවී ගියේ දිගින් දිගටම අසාර්ථක වෙමින්.

මුළු ලකුණු ප්‍රමාණය 54ක් වෙද්දී දිමුත් කරුණාරත්නව දව ගන්නට නේතන් ලයන් සමත් වුනා.

තේ පානයට තරඟය නතර කරන විට කුසල් මෙන්ඩිස් (14*) සහ රොෂේන් සිල්වා (0*) පන්දුවට පහර දෙමින් සිටියා. ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ 58-3 (26) ක් ලෙසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here