ශ්‍රී ලංකාවට හිසරදයක් වූ ලකුණු 308ක සම්බන්දතාව බිඳ වැටෙයි!

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු දෙවන ටෙස්ට් තරඟය අද කැන්බෙරා පිටියේදී ආරම්භ වුනා. කාසියේ වාසිය දින පළමුව පන්දුවට පහර දීමට ඔස්ට්‍රේලියාව තීරණය කළා.

මෙම තරඟයේදී ශ්‍රී ලංකව වෙනුවෙන් චාමික කරුණාරත්න ටෙස්ට් වරම් ලබා ගත්තා. ශ්‍රී ලංකවට හොඳ ආරම්භයක් ලබා දෙමින් ඕස්ට්‍රේලියානු කඩුලු 3ක් ලකුණු 28ක් තුල බිඳ වැටුනා.

කෙසේ වෙතත් සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමෙන් එම රිද්මය ගිලිහී ගියේ ජෝ බර්න්ස් සහ ට්‍රාවිස් හෙඩ් එක කල ලකුණු 308ක සම්බන්දතාවයෙන් බැට කමින්ය.

ට්‍රාවිස් හෙඩ් ලකුණු 161 දවා ගන්නට විශ්ව ප්‍රනාන්දු සමත් වුනා. ජෝ බර්න්ස් පළමු දිනය නිමා වන විට  ලකුණු 172ක්* ලබා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here