ශ්‍රී ලංකාවට හිසරදයක්ව තිබූ සම්බන්දතාව බිඳ වැටෙයි!

ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි. පළමු ඉනිමට ශ්‍රී ලංකාව රැස් කල ලකුණු 144ට පිළිතුරු ලෙස ඊයේ දිනය නිමා වන විට ඕස්ට්‍රේලියාව ලකුණු 72/2ක් ලබා සිටියා.

අද දිනය ආරම්භයේදීම ඕස්ට්‍රේලියාවේ කඩුළු දෙකක් දවා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුනේ ඕස්ට්‍රේලියාව අඩු ලකුණු ප්‍රමාණයකට දව ගැනීමේ අපේක්ෂාවට පන පොවමින්.

කෙසේ වෙතත් ලබුස්චන්ග් හා ට්‍රාවිස් හෙඩ් එක්ව එම සිහිනය බොඳ කරේ ලකුණු 166ක සම්බන්දතාවක් පවත්වමින්.

මෙම සම්බන්දතාව දැඩි හිසරදයක්ව තිබියදී ධනංජය ද සිල්වා යැවූ පන්දුවකින් ලකුණු 81(150)ක් ලබා සිටි ලබුස්චන්ග් දවී ගියා.

රාත්‍රී ආහාරයට තරඟය නතර කරන විට ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුව දැක්වුණේ 249-5 ක් ලෙසයි. ට්‍රාවිස් හෙඩ් ලකුණු 71* යි.

ඔස්ට්‍රේලියාව මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 105ක් ඉදිරියෙන් පසු වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here