ශතක දෙකක් සමග ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 400 පසු කරයි!

ශ්‍රී ලංකා A කණ්ඩායම සහ අයර්ලන්ත A කණ්ඩායම් අතර පවතී 5ස්වන එක්දින තරඟය ලකුණු 102කින් ජය ගන්නට ශ්‍රී ලංකා A කණ්ඩයම සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක උ.තරංග පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව ආරම්භක පිතිකරුවන් වන අවිශ්ක ප්‍රනාන්දු සහ උපුල් තරංග එක්ව පළමු කඩුල්ලට දැවැන්ත ලකුණු 206ක් එක්  කළා.

විශිෂ්ට ඉනිමක ක්‍රීඩා කල අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 112(96)ක් ලබා ගත්තා. උපුල් තරංගද අගනා ශතකයක් ලබා ගනිමින් ලකුණු 120(108)ක් ලබා ගනු ලැබුවා.

මීට අමතරව චතුරංග ද සිල්වා වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 50ක් ලබා ගත්තේ පන්දු 23ක් පමණක් වැය කරමින්. ඊට 6යේ පහර 5ක් සහ 4රේ පහර 2ක් ඇතුලත් වුනා.

ඒ අනුව ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකා A කණ්ඩයමේ ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 403/7ක් ලෙසයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල අයර්ලන්ත කණ්ඩයම ඕවර 50දී සියලු දෙන දැවී ලකුණු 302/10 ක් රැස් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here