වාර්තා සමගින් බෝල්ට් ඇතළු නවසීලන්තය ශ්‍රී ලංකා පළමු ඉණිම වැනසූ හැටි!

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය උදා වුයේ නවසීලන්තයට වැඩි වාසි ගෙන දෙමින්.

පළමු ඉනිමට නවසීලන්තය සියලු දෙනා දැවී ලකුණු 178ක් රැස් කර ගනු ලැබුවා. ඊට පිළිතුරු ලෙස ඊයේ පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනය නිමා කලේ ලකුණු පුවරුව 88/4ක් ව තිබියදීයි.

ඒ අනුව දෙවන දිනයේ මැතිව්ස් සමගින් රොෂාන් සිල්වා පිටියට පිවිසියා. නමුත් මැතිව්ස්ට හැර අනෙකුත් කිසිවෙකුට ක්‍රීඩා පිටියේ රැඳී සිටීමට නවසීලන්ත ක්‍රීඩකයන් අවස්ථාව ලබා දුන්නේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිමේ 5ස් වන කඩුල්ල ලෙස රොෂේන් සිල්වා ලකුණු  21ට දැවී ගියේ  ලකුණු පුවරුව  94/5 ක් බවට පත් කරමින්.

ඉනපසු පැමිණි දික්වැල්ල ලකුණු 4කට දවා ගත ට්‍රෙන්ට් බෝල්ට් , දිල්රුවන් පෙරේරා, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර සහ ලහිරු කුමාරව ලකුණු 0ට දවා ගත්තේ ශ්‍රී ලංකා ඉණිම සුනු විසුනු කරමින්.

මැතිව්ස් නොදවී ලකුණු 33යි. මෙය නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හී හෑග්ලී ඕවල් පිටියේ කණ්ඩායමක් ඉනිමකදී  රැස් කල අඩුම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා අතරට එක්වුණා.

අගනා පන්දු යැවීමක නිරත වූ ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 6/30 ක් බිඳ හෙලුවා. ටීම් සවුතී කඩලු 3/35යි.

ඒ අනුව ශ්‍රී ලංකා පළමු ඉනිම අවසන් වුයේ , නවසීලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 74ක් පිටුපසින්.

ශ්‍රී ලංකා පළමු ඉනිම 

 

දෙවන ඉනිම දියත් කිරීමට පැමිණි නවසීලන්තය අද දිනයේ හොඳින් පන්දුවට පහර දුන්නා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ ඔවුන්ගේ ආරම්භක සම්බන්දතාව ලකුණු 121ක්. පළමු කඩුල්ල ලෙස දැවී ගිය රාවල් ලකණු 74(162)ක් ලබා සිටියා.

දෙවන කඩුල්ලට එක්වූ නායක විලියම්ස් සහ ටොම් ලේතම් ලකුණු 68ක සම්බන්දතාවක් ගොඩ නැගුවා. ලකුණු 48ක් ලබා සිටි විලියම්සන් දවා ගන්නට ලහිරු කුමාර සමත් වුවා.

ඒ අනුව දෙවන දිනය නිමා වන විට නවසීලන්ත දෙවන ඉනිම දැක්වුයේ ලකුණු 231/2ක් ලෙසයි. ඔවුන් මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකණු 305ක් ඉදිරියෙන් සිටිනවා.

නවසීලන්ත දෙවන ඉනිම

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here