පන්දුව ඇගිල්ලේ වැදීම නිසා දිල්රුවන් පෙරේරා පිටියෙන් ඉවතට!

ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරඟයේ දෙවන සැසිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. තරඟයේ 45වන  පන්දුවාරයේ පැට් කමින්ස් යැවූ පන්දුවක් දිල්රුවන් පෙරේරා ගේ දකුණු අතේ මහපට ඇගිල්ලේ වැදීම නිසා ඔහුට පිටියෙන් ඉවත් වීමට සිදු වුනා.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 6ක් දැවී තිබීම නිසා මෙය දැඩි පාඩුවක් ද වුවා. අනෙක් පසින් එය දිල්රුවන්ගේ පන්දු යවන ඇත වීමද තවත් අසතුටු කාරණයක්.

කෙසේ වෙතත් සුරංග ලක්මාල් ලකුණු 7කට දැවී යෑමෙන් පසු නැවත පෙරේරා පිටියට පැමිණියා.

මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම ලකණු 105/7 ක් ලබා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here