නවකයින් සමග හෙට ද.අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරඟයට ක්‍රීඩා කල හැකි 11 මෙන්න!

ටෙස්ට් තරඟ 2කින්, එක්දින තරඟ 5කින් හා විස්සයි විස්ස තරඟ 3කින් සමන්විත ශ්‍රී ලංකා – ද. අප්‍රිකානු තරඟාවලිය හෙට(13) ආරම්භ වීමට නියමිතයි.

හෙට දිනයේදී දෙරට අතර පළමු ටෙස්ට් තරඟය කින්ග්ස්මෙඩ් හිදී ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 1.30ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟ සංචාරය ශ්‍රී ලංකාවට මෙන්ම ද.අප්‍රිකාවට ද වැදගත් වන්නේ ලෝක කුසලානය ඉතා සමීප බැවිනි. කණ්ඩායම් දෙකම සිය අවසන් කණ්ඩායම තොර ගැනීමට මෙම තරඟාවලිය උපයෝගී කර ගනු ඇතී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ටෙස්ට් නායක චන්දිමාල් දැක්වූ දුර්වල දක්ෂතා නිසා ඔහු මෙහිදී ක්‍රීඩා නොකරන අතර ශ්‍රී ලංකා කණ්ඩයමේ නව මුහුණු දැක ගන්නට ලැබෙනු ඇත. ඒ අතර ඕෂද ප්‍රනාන්දු , ඇන්ජෙලෝ පෙරේරා වේ.

බොහෝ විට හෙට තරඟයට පහත ක්‍රීඩකයන් ක්‍රීඩා කරනු ඇති බවට අනුමාන කල හැකියි.

  1. දිමුත් කරුණාරත්න (නායක)
  2. ලහිරු තිරිමාන්න
  3. කුසල් මෙන්ඩිස්
  4. ඔෂද ප්‍රනාන්දු
  5. දනංජය ද සිල්වා
  6. කුසල් පෙරේරා
  7. නිරෝෂන් දික්වැල්ල
  8. සුරංග ලක්මාල්
  9. ලක්ෂාන් සඳකැන්
  10. කසුන් රාජිත
  11. විශ්ව ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here