දි කොක් ද.අප්‍රිකාවට යලි පන දෙයි – ශ්‍රී ලංකාවෙන් හොඳ ආරම්භයක්!

ශ්‍රී ලංකා – ද. අප්‍රිකානු පළමු ටෙස්ට් තරඟයේ පළමුව පන්දුවට පහර දුන් ද. අප්‍රිකානු කණ්ඩායම ලකුණු 235ට දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නව නායක දිමුත් පළමුව පන්දු යැවීමට ගත්  තීරණය හොඳ එකක් කරමින් ප්‍රතිවාදීන්ගේ පළමු කඩුලු 3 ලකුණු 17ක් තුල දවා ගන්නට ශ්‍රී ලංකාවට හැකි වුනා.

බවුමා සහ දු ප්ලේසිස් 4වන කඩුල්ලට එක් කරමින් සිටි වටිනා සම්බන්දතාවය ලකුණු 72ට සීමා කරමින් ඩූ ප්ලෙසීව ලකුණු 35ට දවා ගන්නට කසුන් රාජිත සමත් වුනා.

බවුමා ලකුණු 47ක් ලබා සිටියදී දැවී ගියේ මුළු ලකුණු 110-5ක් බවට පත් කරමින්. කෙසේවෙතත්  ඉන්පසු දි කොක් විසින් නැවතත්  ද. අප්‍රිකානු පිල ඉදිරියට රැගෙන ගියා.

ඔහු සිය කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන් සමග එක්වෙමින් ලකුණු 80ක් ලබා ගත්තේ ද. අප්‍රිකානු ලකුණු පුවරුව 235/10ක් බවට පත් කරමින්.

ලසිත් එබුල්දෙනිය අද සිය මංගල කඩුල්ල ලබා ගත්තා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here