දිවා ආහාරයට තරඟය නතර කරනවිට ශ්‍රී ලංකාවෙන් සුපිරි ආරම්භයක්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ද. අප්‍රිකානු සංචාරය ආරම්භ කරමින් පළමු ටෙස්ට් තරඟය කින්ග්ස්මෙඩ් හිදී ආරම්භ වුනා.

කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයන් ලෙස ඔෂද ප්‍රනාන්දු සහ එබුල්දෙනිය එක කර තිබීමත් විශේෂත්වයක්.

ශ්‍රී ලංකා නව නායකයාගේ තීරණය සාර්ථක කර දෙමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන් ද. අප්‍රිකානු පිතිකරුවන්ට සාර්ථක වීමට ඉඩ නොදීකඩුලු ලබා ගත්තා.

ද.අප්‍රිකානු පළමු කඩුල්ල ලෙස ඩීන් එල්ගාර් ලකුණු 0ට දවා ගන්නට විශ්ව ප්‍රනාන්දු සමත්වුනා. ඉන්පසු සුරංග ලක්මාල් විසින් හෂීම් අම්ලා ද දව ගත්තේ ද. අප්‍රිකානු ලකුණු පුවරුව 9-2ක් බවට පත් කරමින්.

ඉන් නොනැවතී විශ්ව ප්‍රනාන්දු සිය දෙවන කඩුල්ලද ලබා ගත්තේ 17-3ක් ලෙස දකුණු අප්‍රිකාවට දැඩි අභියෝගයක් ගෙන දෙමින්.

ඉන්පසු දිවා ආහාරයට තරඟය නතර කරන විට ස්ථාවර වෙමින් සිටි සම්බන්දතාවය නිම කරමින්ද. අප්‍රිකානු නායක ඩු.ප්ලේසිස් ලකුණු 35ට රාජිත දවා ගත්තා.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here