එළැඹෙන ද.අප්‍රිකානු එක්දින තරඟාවලියට ශ්‍රී ලංකාවට අවශ්‍යම ක්‍රීඩකයන් දෙදෙනෙක්!

මේ මස 13 වනදායින් ආරම්භවන ශ්‍රී ලංකා – ද.අප්‍රිකානු ක්‍රිකට් තරඟාවලිය දෙපිලටම ඉතාමත් වැදගත් තරඟාවලියක්ව වනු ඇතී. මන්ද යත් 2019 එක්දින ලෝක කුසලාන තරඟාවලිය ඉතාමත් ආසන්නයේ පැවතීමයි.

17 වනදා ආරම්භ වන මෙම තරඟාවලියේ එක්දින තරඟ ආරම්භ වන්නේ මාර්තු මස 3වන දා සිටයි. කණ්ඩායම් දෙකම සිය ලෝක කුසලාන කණ්ඩායම නිශ්චිත ලෙස තෝරා ගැනීමට මෙම තරඟාවලිය යොදා ගනු ඇති.

ශ්‍රී ලංකාව වර්තමානයේ දැඩි අස්ථාවර මට්ටමක සිටින බව සියල්ලෝ දනී. කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ දක්ෂතා අතර සිටි ඇන්ජෙලෝ මැතිව්ස් සහ දනුෂ්ක ගුණතිලක මෙම එක්දින තරඟාවලියට එක්වන බව වාර්තා වේ.

මොවුන් දෙදෙනා අබාධයන්ට ලක්ව සිටින අතර මේ වන විට සුවය ලබමින් සිටින බවත් ඉක්මනින්ම සම්පුර්ණ සුවය ලබන බවත් වාර්තා වේ. මොවුන් දෙදෙනාගේ පැමිණීම ශ්‍රී ලංකා එක්දින සංචිතයට විශාල රුකුලක් වනු ඇතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here